Our website uses necessary cookies to enable basic functions and optional cookies to help us to enhance your user experience. Learn more about our cookie policy by clicking "Learn More".
Accept All Only Necessary Cookies
Maha Rahathun Wadi Maga Osse icon

Maha Rahathun Wadi Maga Osse


Chamela Aluthgedara
1.6.9
  • Nov 6, 2024
    Update date
  • Security
  • Everyone
  • Android 5.0+
    Android OS

About Maha Rahathun Wadi Maga Osse

මේ ජිවිතයේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධය පිණිස.

" ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.

මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහ්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත්, ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක්දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.එදුසිල්වත් බව නිසා ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්, යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්යබහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති. මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. මිත‍්‍යක්දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති.

මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්ල විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා ලබා ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා ‍ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යැම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නො දකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.කෙසේ ‍හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි විය යුතුය.අප පුණ්‍යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාවල නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නො වනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා.

' අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච '

අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි, නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ...

සියල්ලෝ සංසාර බිය දකිත්වා !!! අප්‍රමාදී වෙත්වා !!!

මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන්, අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ... !!! සතුටු වෙත්වා ...!!! අනුමෝදම් වෙත්වා ...!!! දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා ..!!!

Maha Rahathun Wadi Maga Osse | මහරහතුන් වැඩිමඟ ඔස්සේ Mobile APP.

Show More

Additional APP Information

Latest Version

1.6.9

Uploaded by

Leann Hamilton

Requires Android

Android 5.0+

Available on

Content Rating

Everyone

Security Report

What's New in the Latest Version 1.6.9

Last updated on Nov 6, 2024

- Minor bug fixes.

Show More
Security Check Completed
No Virus
No Spyware
No Malware
No Virus
No Spyware
No Malware
Package Name:com.chamelalaboratory.chamela.app.maha_rahathun_wadimaga_osse
SHA-256:4764058ef131d3211d6cab955cf72fdad585fba7876bbb6fd846319edd45fdcb
SHA-1:17ffc1734d6f3963671fa5d7cbfb35bfe92415f1
Show More
Verified by: APKPURE

Maha Rahathun Wadi Maga Osse Screenshots

Maha Rahathun Wadi Maga Osse posterMaha Rahathun Wadi Maga Osse screenshot 1Maha Rahathun Wadi Maga Osse screenshot 2Maha Rahathun Wadi Maga Osse screenshot 3Maha Rahathun Wadi Maga Osse screenshot 4Maha Rahathun Wadi Maga Osse screenshot 5Maha Rahathun Wadi Maga Osse screenshot 6Maha Rahathun Wadi Maga Osse screenshot 7

Related Tags

Popular Articles In Last 24 Hours

Subscribe to APKPure
Be the first to get access to the early release, news, and guides of the best Android games and apps.
No thanks
Sign Up
Subscribed Successfully!
You're now subscribed to APKPure.