ශ්‍රී ලාංකීය ඩිජිටල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නැවුම් වෙනසක් ඇති කළ, පුරෝගාමී ළමා අධ්‍යාපන මෘදුකාංග එකතුව “හපන්” වෙතින් ළමා ලොවට තිළිණ කරන නවතම නිපැයුමයි, හපන් සෙල්ලම්.
ඔබේ පුංචි සිඟිත්තාගේ තාර්කික හැකියාවන් වැඩි දියුණු කරවමින්, වර්ණ හා හැඩතල පිළිබඳව හොඳ හුරුවක් ලබා දෙන අධ්‍යාපනික මෘදුකාංගයක් විදියට හපන් සෙල්ලම් හඳුන්වා දෙන්න පුළුවන්. හැඩතල හඳුනාගැනීම හා හැසිරවීම, කුඩා හැඩයන් එක්කර තනි රූපයක් සෑදීම, ජිග්සෝ ප්‍රහේලිකා විසඳීම වැනි ක්‍රියාකාරකම් මෙහි ඇතුළත් වෙනවා.
දරුවාගේ අධ්‍යාපනය ගැන සැලකිලිමත් වෙමින්, නමුත් දරුවාට දැනුම සමග විනෝදය ලැබෙන ආකාරයෙන් හපන් සෙල්ලම් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වෙනවා. දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වී ඇති රූප, ශබ්ද හා ක්‍රියාකාරකම් සමගින් එන හපන් සෙල්ලම්, කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට ලබාදෙන පිටුවහළ ඉතා ඉහළයි.
හපන් සෙල්ලම් “රූප හදමු” හා “ජිග්සෝ රූප” ලෙසින් අදියර දෙකකින් සමන්විතයි. පොඩිත්තන් ආසම කරන විදියට සුරතල් සත්ත්ව රූප ලෙසින් නිමවා ඇති ක්‍රියාකාරකම් 16 ක් එක් එක් පාඩම තුළ අඩංගුයි.
රූප හදමු - දී ඇති රූපය කොටස් වලට වෙන් කර තිබේ. දරුවා විසින් කොටස් එකතු කර පින්තූරය සම්පූර්ණ කළ යුතුයි.
ජිග්සෝ රූප - ජිග්සෝ ප්‍රහේලිකා ආකාරයෙන් පින්තූරය ගොඩ නැඟිය යුතුයි.
විශේෂාංග:
* සිඟිත්තන්ගේ පුංචි ඇඟිලි පොඩිවලට ලෙහෙසියෙන් හසුරුවන්නට හැකියි.
* පොඩ්ඩන්ගේ හිත ඇදගන්නා වර්ණවත් රූප හා උද්යෝගීමත් සංගීත ඛණ්ඩයන්.
* පුංචි සිඟිත්තාගේ සිට පෙරපාසැල් දරුවන් දක්වා සැමට සුදුසුයි. (අවුරුදු 2 - 5)
* සැකසුම් භාවිත කර, රූප සැකසීම ක්‍රම ක්‍රමයෙන් අභියෝගාත්මක කළ හැකියි.
* දෙමව්පිය ඔබට වුවත් ක්‍රීඩා කළ හැකියි.
* එක් එක් පාඩම තුළ පින්තූර 16 බැගින් ඇතුළත් කර ඇත.
* කුඩා දරුවන් තුළ ඒකාග්‍රතාවය හා නුවණ වර්ධනය කරවමින්, දරුවා අභියෝගයන්ට පුහුණු කරවයි.
හපන් සෙල්ලම් ක්‍රම දෙකකට Active කරගන්න පුළුවන්.
1. Dilalog අංකයෙන්
2. Credit/Debit Card පත් මගින්
Dialog අංකයෙන් සක්‍රිය කර ගැනීමේදී ඔබ සිදු කලයුත්තේ ගෙවීම සිදුකිරීමට බලාපොරොත්තුවන අංකය හපන් සෙල්ලම් App එකේ ඇතුලත් කිරීමයි. ඉන්පසු එම අංකයට SMS මගින් ඉලක්කම් 6ක PIN අංකයක් ලැබේවි. එය නැවත හපන් සෙල්ලම් APP එකේ ඇතුලත් කරන්න.
** කිසිදු මාසික හෝ දෛනික ගාස්තුවක් නොමැත, අදාල පැකේජයේ ගාස්තුව අයවන්නේ එක්වරක් පමණි.
වර්තමානයේ දරුවන් තාක්‍ෂණය සමග ඉතාමත් ඉක්මණින් එකතු වෙන නිසා හපන් මගින් අපේ අරමුණ දරුවන්ට වැදගත් සහ උචිත දේ තාක්ෂණය භාවිතයෙන්ම ලබා දීමයි.
වැඩි විස්තර සඳහා අපව අමතන්න 034 2040600 හෝ 076 6137006
අපගේ Facebook පිටුව, https://www.facebook.com/hapan.lk
Latest Version
1.7Uploaded by
Rafli Alfaizi
Requires Android
Android 4.1+
Category
Free Educational GameContent Rating
Everyone
Report
Flag as inappropriateLast updated on Sep 16, 2018
First Release!